දැඩි ප්‍රහාර එල්ලකරමින් රුසියානු හමුදාව කිලෝමීටර 15ක් පමණ ඉදිරියට පැමිණ ඇති බැවින් තම හමුදා ඛණ්ඩවල ඉදිරිපෙළ පසුබසිමින් සිටින බවට යුක්රේනය පවසනවා.

මෙලෙස කීව් නගරයෙන් සහ නැගෙනහිර ඩොනෙට්ස් කලාපයෙන් යුක්රේන හමුදා ඛණ්ඩ පසුබැස ඇති බවත් මෙම පසු බැසීමට හේතුව අවි ආයුධ හිඟය බවත් යුක්රේන හමුදාවේ ප්‍රධානියෙකු ප්‍රකාශ කරයි.

අමෙරිකාව පසුගියදා යුක්රේනය සඳහා අනුමත කළ ඩොලර් බිලියන 61ක යුද ආධාර පැකේජයට අනුව තවමත් අවි ආයුධ ලැබී නොමැති අතර, එය ලැබීමෙන් පසු ස්ථාවර තත්වයට පත්වීමට හැකිවනු ඇති බවට එරට හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.