චීනය සහ අමෙරිකාව, “ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු” බව චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමග පැවති හමුවකදි පැවසීය.

ඒ අද (26) චීනයේ බීජිං නුවරදීය.

චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ එකිනෙකාට අන්‍යෝන්‍ය ගෞරවය දැක්වීම, සාමකාමී සහජීවනය සහ දෙපාර්ශ්වයටම වාසිදායක සහයෝගීතාවය පවත්වාගෙන යෑම දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට වැදගත් ප්‍රධාන ප්‍රතිපත්ති ත්‍රිත්වය වියයුතු බවය.