චීනයේ ජනාකීර්ණම ගුවැන්ඩොං පළාතට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති ව තිබෙනවා.

ඒ හේතුවෙන් බලධාරීන් විසින් ගුවැන්ඩොං හි 60,000 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇත.

මෙම ආපදා තත්වයෙන් පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.

ගුවැන්ඩොං හි විශාල භූමි ප්‍රමාණයක් ගංවතුරෙන් යට වී ඇති අතර, ජීවිතාරක්ෂක බෝට්ටු මගින් ජනතාව ගලවාගැනීම් සිදුවන බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන ගංඟා කිහිපයක්ම පිටාර දමමින් ඇති අතර බලධාරීන් භයානක ලෙස ඉහළ යන ජල මට්ටම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් කරනවා.