ඉරාකයේ සුමාර් (Zummar) නගරයේ සිට ඊසානදිග සිරියාවේ පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවම වශයෙන් රොකට් ප්‍රහාර පහක් පමණ එල්ල වී ඇති බවත් එහි වගකීම ඉරාක සටන්කාමී කණ්ඩායමක් බාරගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර සිරියාව තුළ පිහිටි එක්සත් ජනපද හමුදා ඛණ්ඩ වෙත ප්‍රහාර නැවත ආරම්භ කරන බවක් පෙනෙන්නට ඇති බවත් ඉකුත් පෙබරවාරි මාසයෙන් පසු ඉරාකයේ ඉරාන පිටුබලය ලබන කණ්ඩායම් විසින් එක්සත් ජනපද හමුදාවන්ට එරෙහිව එල්ල කරන ලද පළමු ප්‍රහාරය මෙය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි .

මෙම ප්‍රහාරයේ එල්ල වන්නේ ඉරාකයේ අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි,, සිය එක්සත් ජනපදයේ සංචාරයේ දී ජෝ බයිඩන් හමුවීමෙන් දිනකට පසුව වීමත් විශේෂත්වයක්.