ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.

අද පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සදහන් කළා

ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර කර්මාන්තශාලාවේ දේපොළ වලට දැඩි හානි සිදුව ඇත.

ගින්නෙන් ජීවිත හානි සිදුවී නැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ජාඇළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.