විදෙස් මාධ්‍ය සදහන් කර සිටින්නේ චීනය තුළ ආර්ථික අවපාතය වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවත් එම තත්ත්වය මත චීනයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක රැකියා කප්පාදුව සහ වැටුප් කප්පාදු කිරීම් සිදුවන බවයි.

මෙම තත්ත්වය මත චීනයේ සේවකයින්ට ගෙවිය යුතු වැටුප් ලබා නොදී සේවයෙන් පහකිරීමේ සිද්ධී මෙන්ම චීනයේ ඇතැම් බැංකු ගිණුම් හිමියන්ට තම මුදල් ආපසු ගැනීමට නොහැකි තත්ත්වක් නිර්මාණයවී ඇති බව වැඩිදුරටත් එම විදෙස් මාධ්‍ය සදහන් කර සිටියි.

මේ වන විට චීනයේ ඇතැම් සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවයක්ද පවතින බව වාර්තාවේ.

විදෙස් මාධ්‍ය එරට ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් වාර්තා කර සිටින්නේ වැටුප් කප්පාදුව එරට ආර්ථික අවපාතයක නොවැලක් විය හැකි ප්‍රතිවිපාකයක් බවයි.

මෙය ෂී ජින් පින්ගේ රජය විසින් මූල්‍ය අංශයේ ඉහළ වැටුප් මර්ධනය කිරීම සඳහා අනුගමනය කරන උපක්‍රමයක් ලෙසද ඇතැම් පිරිස් සඳහන් කර සිටියි.

කෙසේ නමුත් පවතින මෙම තත්ත්වය චීනය තුළ දැඩිව ආර්ථිකයට හානි කරන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.