ශ්‍රී ලංකාව සදහා පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස පත්වූ මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) අද (30දා), ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවුණා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදීය.

මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමත් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව සම්බන්ධ පුහුණු අවස්ථා සහ අන්‍යෝන්‍ය වගකීම් ඉහළ නැංවීම පිළිබදවත් මෙහිදී අවධානය යොමුකර ඇත.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් යන අයද සහභාගි වුණා.