ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය මෙ වන තෙක් පිහිටි කොටුව චෛත්‍ය පාරේ සිට, කොම්පඤ්ඤ විදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල වෙත ගෙන යාමේ කටයුතු අද (15) ආරම්භ වි ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ගුවන් හමුදාවට අයත් එම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසිය වෙත පැවරීමේ කටයුතු නිල වශයෙන් අද සිදු කරනු ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ ප්‍රධානත්වයෙන් එයට අදාළ පැවරීමේ ගිවිසුම් අත්සන් කිරීම සහ නිල වශයෙන් පැවරීම සිදු විය.

මෙහිදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුවේ, පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී කැලුම් තිලකරත්න සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලන අධ්‍යක්ෂ ජනරාල්, එයාර් වයිස් මාසෙල් මනෝජ් කැප්පෙටිපොල යන අය බවයි වාර්තා වන්නේ.

ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ගොඩනැගිල්ල පැවරීමේ කටයුතු ගුවන් හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අතර සිදු කල බව සඳහන්.