ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම අධිකරණය ඊයේ (14) ප්‍රතික්ෂේප කල අතර ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මෙහිදී නියෝග කර ඇත.