පොතුවිල් ,මානච්චේනිය ,කෝමාරිය ප්‍රදේශයේදි වල් අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මියගොස් ඊයේ උදෑසන  (14) මියගොස්  ඇත.

ඉතාලි ජාතික ජින්චි​නෝ පව්ලෝ සහ තවත් ඉතාලි ජාතිකයෙක් යතුරුපැදි වලින් යමින් සිටියදි මෙම අනතුර සිදුවූ බවයි විමර්ශන වලදි අනාවරණය වී ඇත්තෙ .

අනතුරින් පසුව ඔහුව වහාම පොතුවිල් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා අම්පාර  මහ රෝහලට යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සහකා​ර පොලිස් අධිකාරී වැහිත දේවප්‍රිය මහතාගේ උපදෙස් මත පොතුවිල් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් සෙනෙවිරත්න මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි .