රට තුළ පවතින  වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වරකාපොල, යටියන්තොට, රුවන්වැල්ල සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ට අයත් පවුල් 3,000 කට පමණ පානීය ජල ගැටළුවක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල්  විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් පැවසුවේ එම පවුල් සදහා පානීය ජලය සැපයීමට දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක හරහා කටයුතු කෙරෙන බවයි.