හල්දුම්මල උඩවේරියවත්තේ අද (11) දහවල් ගින්නක් හටගෙන ඇති අතර එම ගින්න මේ වන විට හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට පැතිර යෑමේ අවධානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ලදි.

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ සුළං සමඟ මෙම ගින්න පැතිරීම වේගවත් වී ඇති බව වැඩිදුරටත් ආපදා කළමනාකරණ අංශ සඳහන් කර සිටියි.

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඊ එම් එල් උදය කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ මෙලෙස පැතිර යන ගින්න මැඩ පැවැත්වීම සඳහා වනජීවී නිලධාරීන් පිරිසක් හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට පිටත්ව ගිය බවත් අවශ්‍ය වුවහොත් හමුදාවන්හි සහය ලබාගන්නා බවත් ය.