පසුගියදා පැවති මැතිවරණයෙන් පසු පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිව ඇත.

ඒ අනුව පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ​ව හැඳින්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එයට හේතුව සර්දාරිගේ බිරිඳ වන පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝ ඝාතනයට ලක් ව මෙ වන වි​ට මියගොස් ඇති බැවිනි.

ඒ හෙයි​න් ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරණය කර ඇත.

වර්තමාන ජනාධිප​ති අසීෆ් අලී සර්දාරිට එක් දියණියක සහ පුතෙකු සිටින අත​ර පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ ලෙස දියණියක පත් වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍යය සදහන් කරන්නේ.

කෙසේ වෙතත්, ඇයට පකිස්ථාන ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද හිමිවන බව සඳහන් වේ.