බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටින්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි.