බස්නාහිර,දකුණ, සබරගමුව,මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි.

බස්නාහිර දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්තානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවටයි වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ. නැගෙනහිර පලාතේ ද වැසි වාර කිපයක් ඇති වේ.

එයට අමතරව උදෑසන කාලයේදී මධ්‍යම , සබරගමු,ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද උදෑසන මීදුම් තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.