අද (09) පස්වරුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වනු ලැබුවා.

එහිදි එතුමිය පවසා සිටියේ ඇය අධිකරණයට ගරු කරන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව පිළිගත නොහැකි බවයි.

මෙය වෛරී දේශපාලනයක ප්‍රතිඵලයක් බවත් ඇගේ දේශපාලන ගමන කිහිවිටකත් නතර නොකරන බවත් ඩයනා ගමගේ මහත්මිය පවසා සිටියා .

“මම එංගලන්ත පුරවැසියෙක් නම් ලංකාවට ඇවිත් පක්ෂයක් හදලා නමක් දාලා ඒක කාටහරි පවරනවා නම් ඒ පක්ෂය නීත්‍යානුකූලද? මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත්  අවලංගුයි.මම මාතර කැකණදුර බොදු ගොවි බෞද්ධ ගැහැනියෙක්. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සහේට ගත්ත එක මගේ වරදක් නෙවේ. මම ඒකට කැමතියි. ඇපිල් එක්කට යන්න පුලුවන්නම් මම අනිවාරෙන් ඒක කරනවා”