ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ප්‍රකාශයට පත් කලේය.

ඒ පිලිබඳ අදහස් දක්වමි​න් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් ලෙස සිටිය හොත් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ,

“දේශපාලන පක්ෂවල නිලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන් ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් මැතිවරණ කොමිසමට ඇතිවෙලා නැහැ. ඒක අවශ්‍යයි කියලා නීතිමය සඳහනකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩයනා ගමගේ මහත්මිය ලේකම් ධුරය දැරීම සමගි ජන බලවේගය පක්ෂය පිළිගැනීමේ නිත්‍යානුකූල භාවයට කිසිම බාධාවක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ.” බවයි.