අද (10) සිට 15 වනදා දක්වා දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත වීමට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද  ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

ඔහු ඉන්දියානු සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඔහුගේ සංචාරයේ අරමුණ එක් එක් රටවල් සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමයි.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ආර්ථික වර්ධනය සඳහා ඇමෙරිකානු සහාය යළිත් තහවුරු කරනු ඇති බවද සඳහන් වෙයි.