රුසියානු හමුදාවේ රැකියා සඳහා ලාංකීය විශ්‍රාමික හමුදා නිළධාරීන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධව  මේජර් ජෙනරාල්වරයෙක් සහ සැරයන්වරයෙක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේදී මොවුන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් .

විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක් වන එම සැකකරු සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස විමර්ශන සිදුකර තිබෙන අතර සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ, විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ නාමලේඛනය යුද හමුදා මූලස්ථානයෙන් ගනු ලැබුවේ ඔහු විසින් බවය.

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරු වලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව පොලීසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදුකරයි.