ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 362ක කාලයක් රදවා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දින (11) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නදුන් චින්තක හෙවත් හරක් කටා වෙනත් නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් එහිදී නියෝග කළ බව වාර්තාවේ.

මේ අතර හරක් කටා සමඟ අත්අඩංගුවට ගනු ලැබු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සලිදු මල්ෂික හෙවත් කුඩු සළිදු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තාවේ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා සහ කුඩු සළිදු ඇතුළු අටදෙනෙකු මැඩගස්කර්යේ ඉවාටෝ ගුවන් තොටුපොළේදී පසුගිය වසරේ මාර්තු මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදි.