වෙළදපොළ තුළ මේවන විට ලොකු ලූණු මිළ ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව තොග වෙළෙඳපොළේ ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 600ක් වන අතර සිල්ලර මිල රුපියල් 700ක් පමණ වේ.

පාකිස්තානය සිය අපනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් ලූණු ආනයනය අත්හිටුවා ඇති පසුබිමක මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මේ අතර මෙරට ලොකු ලූණු ආනයනකරුවන් පවසන්නේ රජය මැදිහත් වී ලොකු ලූණු ආනයනය සඳහා ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉල්ලීමක් සිදු නොකළහොත් ඉදිරියේදී පාරිභෝගිකයින්ට රුපියල් 1000ක් වැනි මුදලකට ලොකු ලූණු මිළට ගැනීමට සිදුවෙන බවයි.