ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි තමන්නා භාටියා මහාරාෂ්ට්‍ර සයිබර් අපරාධ විමර්ශන අංශය විසින් සාක්ෂිකාරියක් ලෙස කැඳවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඇයව ප්‍රශ්න කිරීම සඳහා අප්‍රේල් 29 වැනිදා පෙනී සිටින ලෙස ඇයට දන්වා ඇති බව මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් නිලධාරියෙක් විදෙස් මාධ්‍යය වෙත පවසා ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් මෙම සතිය මුලදී එනම් අප්‍රේල් 23 වැනිදා සංජේ දත්වද ප්‍රශ්න කිරිම් සඳහා කැඳවා ඇති නමුත් කාර්යය බහුලත්වය හේතුවෙන් ඔහුට නියම කළ දිනයේ පෙනීසිටීමට නොහැකි වී ඇති අතර ඔහු විසින් නව දිනයක් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා සඳහන් කරයි.

තමන්නා සහ සංජේ දත් FairPlay හි අනුබද්ධ යෙදුම වන Mahadev ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්‍රවර්ධනය කිරිම සහ නීතිවිරෝධී ලෙස තරඟ විකාශනය කිරිමෙන් ඉන්දිය රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇතැ​යි ය​න චෝදනා එල්ල වන අතර ඊට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් 20 දෙනකුට වැඩි පිරිසක් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ළඟදීම කැඳවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.