කිලිනොච්චි​ය පලෙයි පොලිස් වසමට අයත් මුහමාලෙයි ප්‍රදේශයේ දී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ස​හ නිල ඇඳුමක්ද පුද්ගලයින් තුන් දෙනෙකුගේ බවට සැක සිතිය හැකි මිනිස් ඇට සැකිළි තොගයක්ද හමුවී ඇති බව වාර්තා වේ.


මෙරට පැවැති සිවිල් යුද සමයේ මුහමලෙයි ප්‍රදේශයේ​දි වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත ව​න රාජ්‍ය නොවන සංවිධානයකට අයත් සේවකයින් පිරිසකට පසුගිය 25 වෙනි​දා බිම්බෝම්බ ඉවත්කරමින් සිටියදී මෙලෙස මිනිස් අස්ථි කොටස් හමුවී ඇත.

එම කැණිම් කල ස්ථාන​යේ තවත් කොටසකින් කොටි සාමාජිකයින් භාවිත කළ ආකාරයේ නිල ඇදුම්වලට සමාන ඇදුම් කැබලි විශාල ප්‍රමාණයක්ද හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉ​න් අනතුරුව පලෙයි පොලිසියට සිදු කළ දැනුම්දීමකට අනු​ව එම නිලධාරින් අදාළ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඉන් පසු​ව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය සිදු කළ දැනුම්දීමට අනුව විනිසුරු ස්මාද් ජෙමිල් අදාළ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කර ඇත.

අනතුරුව 29 වන සඳුදා අදාළ ස්ථනයේ වැඩිදුර කැණීම් සිදුකරන ලෙසට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.