තමන් ‍දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍යයක් බවත් තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එතුමා පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

අධිකරණයෙන් වාරණ නියෝගයක් පවතින බැවින් පක්ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නගර සභා භූමියේ දී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.