දකුණු කොරියාවේ මධ්‍යවාර පාර්ලිමේන්තු මහ මැතිවරණය ආරම්භ වී ඇති අතර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙන්නේ මෙම මැතිවරණය වත්මන් ජනාධිපති යූන් සුක් යෝල්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට පැවැත්වෙන ජනමත විමසුමක් බව යි.

“පීපීපී” හෙවත් ජනතා බලය පකෂය නියෝජනය කරන යූන් සුක් යෝල් තවත් තෙවසරක් ජනාධිපති ධුරයේ රැඳී සිටී. නමුත් ප්‍රධාන විපක්ෂය ලෙස සැලෙකන ඩිමොක්‍රටික් පක්ෂය මේවන විට ජනතා බලය පක්ෂයට අභියෝගයක් වී ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයට වර්තමානයේදී දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පවතින අතර එබැවින් පසුගිය කාලයේ ජනාධිපති යූන් සුක් යෝල්ට පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමට පවා ගැටලුකාරී තත්ත්වයන් මතුවිය.

වර්තමානය වන විට දකුණු කොරියාව ප්‍රධාන වශයෙන් ගැටලු 3 කට මුහුණ දෙමින් සිටියි. ඉහළ යන ආහාර මිල, වැඩිහිටි ජනගහනය වර්ධනය සහ වෛද්‍ය වර්ජනය එම ගැටලු 3 බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගැටලු නිසාවෙන් ජනාධිපති යූන් සුක් යෝල්ග් ජනප්‍රියත්වය අඩු වෙමින් පවතින බවයි.