කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් ලොව නවීනතම තාක්ෂණය යොදා ගනිමින් වකුගඩුවල ගල් ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කර තිබෙන අතර එහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය සැත්කමකදී රෝගියාට යොදන ආකාරයේ විශාල කැපුමකින් තොරව මෙම සැත්කම කිරීමයි.

කළුතර පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් එම සැත්කමට ලක් වූ අතර එහි අභියෝගය වූයේ ඔහුගේ වකුගඩු යුගළ පහළින් සම්බන්ධ වී තිබීමයි.

සාමාන්‍යයෙන් මෙවැනි සැත්කමකදී සිරුරේ විශාල කැපුමක් යොදා ගල් ඉවත් කිරීම සිදු කරන නමුත් මෙම සැත්කමේදී එවැනි විශාල කැපුමක් යොදා තිබී නොමැති අතර ඊට හේතුව කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අතිනවීන තාක්ෂණයෙන් යුත් ලේසර් උපකරණ මේ සඳහා භාවිත කිරීමයි.