World of Statistics විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය මුදලක් ලබාගෙන ඇති පළමු රටවල් 20 අතර ශ්‍රී ලංකාවට 19 වන ස්ථානය හිමිව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.14ක්.

මෙම රටවල් අතර ප්‍රථම ස්ථානයේ පසුවන්නේ අර්ජන්ටිනාව වන අතර ඔවුන් අමෙරිකානු ඩොලර් බිලියන 32.45ක ණය මුදලක් ලබාගෙන ඇති බව සඳහන්.

ඩොලර් බිලියන 10.98 දෙවන ස්ථානයේ පසුවන්නේ ඊජිප්තුව වන අතර යුක්‍රේනය ඩොලර් බිලියන 8.40ක ණය මුදලක් ලබාගෙන අදාළ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවනවා.

සිව් වන ස්ථානය ඩොලර් බිලියන 8.40ක ණය මුදලක් ලබාගෙන ඇති පාකිස්ථානය වන අතරඩොලර් බිලියන 1.35ක ණයක් ලබාගෙන ඇති බංගලාදේශය මෙම ලැයිස්තුවේ 16වන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයක්.