අඛණ්ඩව 07වන වරටත් ෆින්ලන්තය ලොව සතුටුම රට බවට පත්ව ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වන ලෝක සතුටු වාර්තාවට අනුව මෙලෙස ෆින්ලන්තය අඛණ්ඩව 2024 වසරේ ද ලොව සතුටුම රට බවට නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමි වී ඇති අත​ර අයිස්ලන්තය තෙවන ස්ථානයේත් පසුවේ. ලො​ව අඩු ජනගහණයක් සහිත කුඩා රටවල් රැසක් ලොව සතුටුදායක රටවල් අතර පෙරමුණට පැමිණ ඇති බවට වාර්තා වේ.

වසර දහයකට පසු පළමු වරට අමෙරිකාව සහ ජර්මනිය ලොව සතුටුම රටවල් 20 අතර ඇතුළත් නොවන අත​ර කුවේට් සහ කොස්ටාරිකා යන රටවල් පළමු රටවල් 20 අතරට ඇතුළත් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ලෝක සතුටු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 ස්ථානය හිමි වී ඇති අත​ර ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩාව, ටියුනීසියාව යන රටවල් ද ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානවල පසුවීම විශේෂත්වයකි.

රටවල් 143ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.