උපාධිධාරී ගුරුපත්වීම් ගැන විශේෂ නිවේදනයක්අද (29) දිනයේ සිට ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පසුගිය මස 02 දා පැවැති ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව එම බඳවා ගැනිමේ කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්ය.

අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මැයි මස 09 වන දා දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙන බවත් බදවා ගන්නා පිරිස ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.