2024 වර්ෂයේ මොරොක්කෝවේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී තවත් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ අනුව දක්ෂතාව මීටර 5.23ක් දක්වමින් ජනනි ධනංජනා ටී 47 කාණ්ඩයේ දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තා.

එසේම දක්ෂතාව මීටර 4.50 ක් දක්වමින් ටී 46 කාණ්ඩයේ දුර පැනීම ඉසව්ව සඳහා තරග වැදුනු කුමුදු ප්‍රියංකා ලෝකඩ පදක්කමක් දිනාගනු ලැබුවා.

ජනනි ධනංජනා පසුගියදා ටී 47 කාණ්ඩයේ මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම ගැනීමටද සමත්වුණා