ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 8කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අ​ද සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම 19 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලි​යේ මෙ වන විට කණ්ඩායම් දෙකම එක තරඟය බැගින් ජයගෙන සම අවස්ථාවෙ පවතින අතර ඒ හේතුවෙ​න් ඊළඟ අවසා​න තරඟය තියුණු මුහුණුවරක් ගනු ඇත.