සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  බංග්ලාදේශ කණ්ඩායම  අතර තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙම තරගය අද (18) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09.30ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.

මෙහිදී කණ්ඩායම් දෙකම එක තරගය බැඟින් මේ වනවිට ජයගෙන තිබෙන නි​සා අද පැවැත්වෙන තරගය දෙරටටම වැදගත්.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකට අද තරගය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක ටැන්සිම් හසන් සකීබ් ද ආබාධයකට ලක්ව තිබෙනවා.