විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් භාරදුන් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරවීම සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙට (19) දිනයේ දී පාර්ලිමේන්තුවේ පිල්මාරුවක් සිදුවිය හැකි බව දේශපාලන අරංචි මාර්ග සඳහන් කළා.

එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ දී විවාදයට ගැනෙන අතර එය අනිද්දා දිනයේ දීත් පැවැත් වේ.

අනතුරුව අනිද්දා පස්වරු 4.30ට යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මෙම යෝජනාව ජයග්‍රහනය කර වීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා මේ වන විට රහස් සාකච්ඡා සිදුකරන බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නිල නිවාසවල මෙම සාකච්ඡා පවත්වා තිබේ.

මෙම සාකච්ඡා මේ වන විට සාර්ථක බව සඳහන් කරන ආණ්ඩු පක්ෂය විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ආණ්ඩුව සමග එක්වෙන බව සඳහන් කළේය.

කෙසේවෙතත් විපක්ෂයද විශ්වාසභංග යෝජනාව ජයග්‍රාහනය කරවීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා එතරම් සාර්ථක නොවන බව වාර්තා වේ.