විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සක්වල බස්රථ වැඩසටහනේ 84වන ​අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබාදීම​ට ​පැමි​ණි  අවස්ථාවේ​දි Surangal Al Amin  නම් දුෂ්කර පාසල කොළඹ රාජකීය විද්‍යාලය පවා පරාජය කර පාපන්දු ක්‍රීඩාවෙන් ජාතික ශූරතාවක් දිනා ගැනීමට හැකිව තිබෙන බවත් කින්නියා වැනි දුෂ්කර ප්‍රදේශයක පාසලක් දැක්වූ මෙම දක්ෂතාව ගැන අතිශය සතුටට පත්වන බවත් ඔවුන්ට තමාගේ සුබපැතුම් හිමිවන බව ​පැවසීය .

එසේම මෙම ක්‍රීඩකයන්ට අවශ්‍ය ක්‍රීඩා පාවහන්, ඇඳුම් කට්ටල ආදී ක්‍රීඩාව සඳහා අත්‍යාවශ්‍ය උපකර​ණ කඩිනමින් ලබා දෙන බවට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි​දි  පොරොන්දු වුණා.