හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරඟලය හේතුවෙන් මේවන විට හයිටි රාජ්‍ය තුළ ප්‍රභල දේශපාලනික අස්ථාවරභාවයක් නිර්මාණයවී ඇති පසුබිමක හයිටි අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වී ඇත.

එරට ජනාධිපතිවරයාව කුළී හේවායින් පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව 2021 වසරේ ජූලි මස සිට ඒරියල් හෙන්රි හයිටි අගමැතිවරයා ලෙස කටයුතු කරන ලදි.