විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම මස විසිවැනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පළාගියා සේ සලක​න බව ජාතික ජන බලවේග​යේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

මීට පෙර, අදාළ විවාදය සඳහා මේ මාසයේ 7, 9, 13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ ජාජබ නායකයා, ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත්, එම නිසා අවසාන වශයෙන් විසිවැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරාගත හැකි අතර එම දිනයට තමාට කුමන කටයුත්තක් යෙදී තිබුණ ද අනිවාර්යයෙන්ම සහභාගි වන බවද ඔහු කීය.

එම නිසා මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම්දීම බව පැවසූ ජාතික ජන බලවේගයේ නායකයා එම දිනයේ හෝ ඊට පෙර ඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා විවාදයට සූදානම් යැයි පවසා ඇත.