ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව පසුගිය රජය සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් ඉදිරිපත් කර තිබු නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥවක් නිකුත් කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඇතුළු ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.