හංගේරියානු රජයේ ආධාර යටතේ යුරෝ මිලියන 11ක්, එනම් රුපියල් මිලියන 2640ක වියදමින් 2021 වසරේ ජුනි මස 07 වෙනි දින ආරම්භ කළ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු වනවිට අතරමග නතර වී තිබෙනවා.

කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297ක් වන අතර වන මෙහි ප්‍රධාන අරමුණ වී තිබුණේ කොහුවල මංසන්ධියේ ඇති අධික රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමයි

කෙසේ නමුත්  2023 වසරේ අප්‍රේල් මස 06 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබූ කොහුවල ගුවන් පාලමේ වැඩකටයුතු වසර එකහමාරක පමණ කාලයක සිට අවසන් අදියරේ නතර වී තිබෙනවා.

රියැදුරන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් ගුවන් පාලම ඉදිකිරීමට පෙර පැවැති රථ වාහන තදබදයට වැඩි තදබදයක් මේ වනවිට පවතින බවයි.