ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (23) සිදුවනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ පස්වරු 04ට මෙම හමුව සිදුවන බවයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අදාල හමුව සිදුවන අතර එය තීරණාමත්ක වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිලිබද මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතයි.

මීට පෙරද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර ඒවා එකගතාවයකින් තොරවයි අවසන් වූයේ