ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත මෙරට ආයෝජකයින් තිදෙනෙකු ඇතුළු ආයෝජකයින් 6ක් කැමැත්ත පළකර ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින් ඊයේ (22) ප්‍රකාෂ කළා.

ඒ අතරට ලොව ප්‍රමුඛ පෙළේ අඩුමිල ගුවන් සමාගමක් වන එයාර් ඒෂියා සමාගම සහ මෙරට ක්‍රියාත්මක ෆිට්ස් ඒවියේෂන් ද ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශ්වයන් වන්නේ,

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC

එමෙන්ම FITS Aviation සමාගම ජාත්‍යන්තර ගමනාන්ත වෙත ගුවන් ගමන් වාර ක්‍රියාත්මක මෙරට පළමු පෞද්ගලික ගුවන් සේවය ද වෙයි.

අඩු මිල ගුවන්සේවයක් ලෙස පවත්වාගෙන යන FITS ගුවන් සේවය මෙරට සිට මේ වන විට දකුණු ආසියාවේ සහ මැදපෙරදිග කලාපයේ ගමනාන්ත වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම Hayleys PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එහි පාලක කොටස් හිමියා වෙයි.

2023 දෙසැම්බර් 31 දින වන විට Hayleys PLC පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතු විය.

මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජූලි මසදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමට නියමිත බවද රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය සඳහන් කරයි.