ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණ රත්නපුර මාර්ගයෙන් උඩමළුවේ සිට බිමට පැන්න තරුණයාගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට සිරිපාගම පොලීසිය රත්නපුර මහාධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබෙනවා.

වසය අවුරුදු 33ක් වන මෙම තරුණයා සූරියවැව පදිංචි දිනේෂ් හේමන්ත නැමැති දෙදරු පියෙක් වන මෙම තරුණයා කන්දෙන් පහළට පැන ඇත්තේ සිය ජංගම දුරකථනය ද අතැතිව වන අතර තරුණයාව සොයා යුද හමුදාවත් පොලිස් විශේෂ කාර්ය බලකායත් මෙහෙයුම් දියත්කරන විට තාක්ෂණික පහසුකම් ඔස්සේ ඔහුගේ දුරකතනය ඒ වන විට ඇති ස්ථානය හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙහෙයුම දියත්වී ඇත්තේ එම ස්ථාන ඔස්සේ වන අතර එම ස්ථානයට හමුදා සාමාජිකයන් ගමන් කළද දුරකතනයක් හෝ තරුණයා එම ස්ථානයට වැටුණු සලකුණත්වත් තිබී නැති බවත් සඳහන්.

ඒ අනුව එම අවට ප්‍රදේශය පරික්ෂා කලද අඩුම තරමින් ලේ පැල්ලමක් හො නොතිබු බැවින් ඇතිවූ සැකය මත දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට අවධානය යොමු වූ බවයි පොලිසිය පවසන්නේ.

හමුදාව සහ විශේෂ කාර්ය බලකාය සෝදිසි මෙහෙයුම් දියත් කරන අවස්ථාවේදි දුරකථනය විසන්දිව තිබු බවත් තරුණයා කන්දෙන් පහලට පැනීමත් දුරකතනය ඇතැයි පෙන්වූ ස්ථානයේ දුරකතනය නොමැති වූ බැවිනුත් පහළට පැනීම හේතුවෙන් ජීවිතයට අනතුරක් නොවීම හේතුවෙන් ඔහු වසන්වී සිටියාද යන්නත් සැක මතුවී ඇතැයිද පොලීසිය පවසනවා.

තවද පොලීසිය පවසන්නේ තරුණයාව සොයා පොලීසිය විසින් සිදුකරන මෙහෙයුම් මෙතෙක් නතර කර නොමැති බවද ඔහු සොයා ගන්නා තුරු හෝ ඔහු ගැන නිෂ්තිත තොරතුරක් ලැබෙන තුරු විමර්ෂණ පැවැත්වෙම බවත් සබරගමුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පවසනවා.