ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති වයස අවුරුදු 33ක් වන තරුණයෙක්.

මොහු සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග ඊයේ (19) දින උදෑසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ තිබුණු අතර ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගත වී තිබෙනවා.

එම තරුණයා සොයාගැනිමට ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් අද (20) දින උදැසන සිට ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බවද සඳහන්.