ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත්කර ඇත. එම පත් කිරීම සිදුකර ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ හෝටලයකදී අද (21) පෙරවරුවේ පැවැත්වුණු අතර මෙම පත්වීම කර ඇත්තේ එම රැස්වීමේදීය.