වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඔවුන් එලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලාය.

ජනාධිපතිවරයා විසින් තේ වතු සමාගම්වලට වතු සේවකයින් ගේ දෛනික වැටුප රු 1,700 දක්වා වැඩි කරන ලෙසට උපදෙස් ලබා දී තිබිය දී එම වැටුප ලබාදිමට වතු සමාගම් එකඟතාවය පළ නොකිරිමට විරෝධය පළ කරමින් වැඩවර්ජනය සිදුකරන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් එතුමා සඳහන් කර සිටියේ මෙම වැඩවර්ජනය සඳහා දමිළ ප්‍රගතිශීලි සන්ධානයද සිය සහයෝගය දක්වන බවයි.