ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය යොමු කල යුතු” මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පලාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල සහ බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම තත්වය පවතින බව එම නිවේදනයේ සදහන්.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ වැඩි අවධානය යොමු කරමින් වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම නිවේදනය පහතින්