විදුලිය ගාස්තු අඩු කිරීම සදහා යෝජනාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවත් ඉන් අනතුරුව , මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන දත්ත මත පදනම්ව ගාස්තු තීරණය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට මෙහි දී යෝජනා කරන බව, පසුගියදා විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කල අතර කොමිසමේ එකඟතාවය මත මෙම විදුලි සහනය ලබාදීමට නියමිත බව ද ඔහු අවධාරණය කළා.

මේ වන විටත් ලංකා විදුලිබල මණ්ඩලය එහි වියදම් ගණනය කිරීමේ යෝජනාවක් සකස් කරමින් සිටින බවත් ඒ අනුව මෙම ගාස්තු සංශෝධනය ජුනි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ආරංචි මාර්ග සදහන් කරයි