දකුණුදිග බ්‍රසීලයට  බලපෑ දරුණු කුණාටු තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා තත්ත්වයෙන් තවත් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම දරුණු ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 70,000කට පමණ ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇත .

මිලියනයකට අධික පවුල්වලට පානීය ජලය නොමැතිවීම හේතුවෙන් පීඩා විදින බවද විදෙස්  මාධ්‍ය වාර්තා පවසයි