අද (28) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා 3ක් අවලංගු කිරීමත් සමඟ ගුවන් මඟින් දැඩි පීඩාවට පත්විය.

මෙම තත්ත්වය වාර්තාවන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දිගින් දිගටම පවතින ගැටලුකාරී වාතාවරණයකදීය.

අද අලුයම 12.25ට කටුනායක සිට ක්වාලාලම්පූර් බලා පියාසර කිරීමට නියමිතව තිබු එච් එම් 178 දරණ ගුවන් යානයත් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත අද උදෑසන 7.25 ට ගමන් කිරීමට නියමිතව තිබු යු එල් 177 දරණ යානයත් අවලංගු කිරීමට කටයුතු කර ඇත.

මෙයට අමතරව අද උදෑසන 8.55ට පියාසර කිරීමට නියමිතව තිබු යු එල් 181 දරණ ගුවන් යානයද අවලංගු කර තිබේ.

ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම පවසන්නේ සේවක හිඟය සහ අමතර කොටස්වල හිඟකම නිසාවෙන් මෙලෙස ගුවන් යානා ප්‍රමාදවීමට හේතුවන බවත් කඩිනමින් මෙම තත්ත්වය නිරාකරණය කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කලා.

ඊයේ දිනයේද මෙයාකාරයෙන්ම ගුවන් ගමන්වාර 06 අවලංගු කර තිබුණි.