ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවාවන් මාස 06 ක කාලයක් සඳහා පවත්වා ගෙන යාම සඳහා මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරනු ලැබුවා.

එතුමා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඩොලර් මිලියන 510ක හිඟ ණය බර රජයට පවරා ගැනීමේ යෝජනාව සඳහා ද කැබිනට් අනුමැතිය ලැබුණු බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලංසු තැබීම සම්බන්ධව අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ලංසු කැඳවීම දින 45 කින් දීර්ඝ කළ බවයි.