තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල ගණිතය සහ විද්‍යාව විෂයන්වල අදාළ විභාග හෙට දිනයේදී යළි පැවැත්වීමට නියමිතව ඇත.

වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා හෙට දිනයේ සිට යළි විභාග කටයුතු පැවැත්වීමට නියමිත බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි, ගණිතය සහ ඉතිහාසය ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත්වීම හේතුවෙන් බස්නාහිර පළාතේ 10 සහ 11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.